PUBG (Battle Ground) රීචාජ්/තෑගි ලබා දෙන්නේ කෙසේද? | thePAY

Please Select a Language.

    PUBG (Battle Ground) රීචාජ්/තෑගි ලබා දෙන්නේ කෙසේද?

    • thePAY
    • Date 2023-12-08
    • Hit 12755

    PUBG (PlayerUnknown's Battlegrounds Mobile) යනු Battle Royale ශෛලියේ ක්‍රීඩාවකි.
    මේ ගේම් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, thePAY හරහා ඔබට PUBG Mobile UC සෘජුවම ඔබගේ ID එකට රීචාජ් කර ගැනීමට හෝ UC රිඩීම් කෝඩ් (Exchange Code) මිලදී ගැනීමට හැකිය.

    PUBG මොබයිල් UC රිඩීම් කෝඩ් එකක් යනු PUBG මොබයිල් ගේම් එක තුළ භාවිතා වන මුදල් වර්ගය වන UC (Unknown Cash) බවට පත් කරගත හැකි ඉලක්කම් 18කින් යුත් කෝඩ් එක්කි.
    මෙම UC කෝඩ් එක භාවිතා කළ විට, අදාළ UC ප්‍රමාණය ඔබගේ ගිණුමට එකතු වන අතර, ඒවා ගේම් එක තුළ ඇති විවිධ Items මිලදී ගැනීමට භාවිතා කළ හැක. UC මගින් Skins, Weapons වැනි දෑ මිලදී ගත හැකිය.
    ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන UC ප්‍රමාණය තෝරාගන්න. PUBG Mobile හි වැඩිපුර UC සමඟින් ඉහළම මට්ටමේ අප්ග්‍රේඩ් සහ උපරිම විනෝදයක් අත්විඳින්න!

     

    thePAY හරහා PUBG Mobile UC රිඩීම් කෝඩ් (Global) රීචාජ් කරන / Gift කරන ආකාරය


    PUBG UC මිලදී ගැනීමට ක්‍රම දෙකක් තිබේ. ඔබේ Email එකට ලැබෙන කෝඩ් එක භාවිතා කළ හැකිය, නැතහොත් Player ID එකට සෘජුවම UC රීචාජ් කළ හැකිය.


    1.thePAY ඇප් එක ඉන්ස්ටෝල් කර, එහි ඇති 'ගේම් රීලෝඩ් කිරීම,ගිෆ්ට් කාඩ්' වෙත යන්න.
    2.PUBG ID  තෝරාගන්නේ නම්, රීචාජ් කිරීමට අවශ්‍ය UC ප්‍රමාණය සහ Player ID එක ඇතුළත් කර 'ගෙවීම්' ක්ලික් කල විට අදාළ ගිණුමට UC සෘජුවම බැර වේ.
    3.PUBG Redeem Code තෝරාගන්නේ නම්, මිලදී ගැනීමට අවශ්‍ය UC ප්‍රමාණය සහ කෝඩ් එක ලබාගත යුතු ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න. එම ඊමේල් ලිපිනයට රිඩීම් කෝඩ් එක වහාම එවනු ලැබේ.
    4.https://www.midasbuy.com/midasbuy/us/redeem/pubgm වෙබ්සයිට් එකට පිවිස අදාල කෝඩ් එක ඇතුළත් කර UC ලබාගන්න.
    (මෙහිදී ඔබේ ID එක ඇතුළත් කළ පසු, ID එකට එහා පැත්තෙන් පෙන්වන Nickname එක ඔබේම දැයි අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බලා රීචාජ් කරගන්න)
    5.ඔබට මෙය වෙනත් අයෙකුට තෑග්ගක්  ලෙස දීමට අවශ්‍ය නම්, අදාළ පුද්ගලයාගේ Player ID එක හෝ  ලබන්නාගේ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.

     

     

     

     

    විශේෂ අවධානයට:
    PUBG Global ID ('5' න් ආරම්භ වන ID) සඳහා පමණක් මෙය භාවිතා කළ හැක. කොරියානු ID ('6' න් ආරම්භ වන ID) සඳහා වෙනත් ක්‍රමයක් මඟින් රීචාජ් කරන්න.
    '6' න් ආරම්භ වන කොරියානු ID සඳහා thePAY ඇප් එකෙහි ඇති Google Play / Apple Gift Card මිලදී ගැනීම හරහා රීචාජ් කළ හැකිය. එම නිෂ්පාදන මිලදී ගෙන රීචාජ් කිරීමට උත්සාහ කරන්න.
    වැරදි ID එකක් ඇතුළත් කර රීචාජ් වුවහොත්, එය අවලංගු කිරීමට හෝ මුදල් නැවත ලබා ගැනීමට නොහැකි බැවින්, රීචාජ් කිරීමට පෙර ඔබගේ ID එක නිවැරදිදැයි අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බලන්න.

     

    PUBG මොබයිල් ප්ලේයර් ID (Player ID) එක සොයා ගන්නේ කෙසේද?
    1.ඔබගේ Account එක හරහා හේම් එකට ලොග් වෙන්න.
    2.ඔබගේ Player Profile එක විවෘත කරන්න.
    3.එහි ඔබගේ PUBG මොබයිල් ප්ලේයර් ID එක දැකගත හැක.