{title}

Please Select a Language.

    ThePay කොරියාවේ මොබයිල් රීචාජ් කිරීම.

    • පාරිභෝගික ඔබගේ අත්දැකීම ThePay අත්දැකීමයි.

      ThePay ගනුදෙනුකරුවන්ගේ විවිධත්වය මගින් සැමටම පහසුකම් සළසන අතරම ගනුදෙනුකරුවන්ගේ හඬ වඩාත් විවිධාකාර වන තරමට, ThePay හි පැවැත්මට එය විශේෂ හේතුවක් වේ. ඔබට සමඟ එකට වැඩ කිරීම අපගේ වරධනයට හේතු වේ.

    • අනාගතය සඳහා ThePay

      ThePay යනු කොරියාවේ ජංගම දුරකථන රීචාජ් කිරීමේ ප්‍රමුඛයා වේ. ThePay භාවිතා කරන සෑමටම නව සහ විවිධ අන්තර්ගතයන් අත්විදය හැක. ThePay අප පාරිභෝගික ඔබට විවිධ ඉවෙන්ට් මගින් තෑගි දිනා ගැනීමටද අවස්ථාව සලසයි

    • එදිනෙදා ජීවිතයට අවශ්‍යය සේවාවන්

      පෙරගෙවුම් දුරකථන රීචාජ් කිරීමේ සේවාවන් ඇතුළු විවිධ නිෂ්පාදන මිලදී ගත හැකිය.එමෙන්ම ඔබට විදුලි බිල්, ජල බිල්, ඉන්ටර්නෙට් බිල් සහ ඉන්ෂුවරන්ස් බිල්පත්ද දැන් නිවසේ සිටම ඔබට ගෙවිය හැකිය. අපි ඔබට කොරියාවේ හොඳ සහ පහසු ජීවිතයක් භුක්ති විඳීමට හැකි සේවාවක් සපයන්නෙමු. අපි එයට වෙහෙස වී වැඩ කරන්නෙමු.

    • විවිධත්වයට ගරු කිරීම

      ThePay අපට ඔබ සැම විශේෂයි. කොරියාවේ වෙසෙන ප්‍රධාන ආසියාතික රටවල් 11ක පාරිභෝගිකයින් ThePay භාවිතා කරනු ලැබේ.එමෙන්ම අප අපගේ සේවාවන් වඩාත් පහසු ලෙස භාවිතා කිරීමට අවශ්‍යය සහය ලබා දීමට ස්වදේශීය පාරිභෝගික සහයද නිරතුරුව සපයයි.

    brand image

    ThePay දැක්ම සහ අරමුණ

    ThePay අප 2010 දී ජංගම දුරකථන රීචාජ් කිරීමේ සේවාවක් ලෙස ආරම්භ වූ අතර මේ දක්වා ස්ථාවර වර්ධනයක් ලබා ගනිමින් සිටි. අපගේ දැක්ම වන්නේ ලොව පුරා සිටින පරිශීලකයින්ට පහසු සහ ආරක්ෂිත ජංගම දුරකථන ගෙවීම් සේවාවක් ලබා දීමයි. අපගේ අරමුණ වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ සේවාවන් අඛණ්ඩව නව්‍යකරණය කිරීමයි.

    • 2023

      කොරියාවේ ජංගම දුරකථන රීචාජ් කිරීමේ ප්‍රමුඛයා බවට පත්වෙමින්, ThePay පාරිභෝගික පිරිස 500,000 සීමාවද ඉක්ම වු වගයි.

    • 2021

      ආරක්ෂිත සහ පහසු ගෙවීම් පද්ධති සඳහා biometric හඳුනාගැනීම් යාවත්කාලීන කිරීම.

    • 2020

      ThePay අප, විදේශ ඇමතුම් 00301 සේවාව හඳුන්වා දෙමින්, චීන Wechat ගෙවීම සේවාවද එකතු කරන ලදී

    • 2018

      ThePay අප, රටවල් 20කට අධික ප්‍රමාණයක දුරකථන සමාගම් සමග සම්බන්ධ වෙමින් විදේශීය ජංගම දුරකථන සහ ක්‍රීඩා ආදිය රීචාජ් කිරීමට අවකාශය සැලසීම.

    • 2017

      ThePay හි රටවල් 11 ක ස්වදේශික කළමනාකරුවන් බඳවා ගැනීම මගින් උපදේශනය. (ඉංග්‍රීසි, කාම්බෝජය, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව, උස්බෙකිස්තානය, ඉන්දුනීසියාව, මොංගෝලියාව, තායිලන්තය, වියට්නාමය)

    • 2016

      විදේශිකයන් සඳහා ජංගම දුරකථන රීචාජ් කිරීමේ ඇප් එකක් වන 'thePAY'(Android, iOS) හදුන්වා දීම.

    • 2014

      දකුණු කොරියාවේ පළමු පෙරගෙවුම් දුරකථන රීචාජ් කිරීමේ සේවාව වන 010PAY හදුන්වා දීම.

    • 2013

      ස්පෑම් පණිවිඩ සහ ස්පෑම් ඇමතුම් අවහිර කිරීමේ ඇප් එකක් හදුන්වා දීම , KT HooHoo ඇප් එක. මිලියන 10ක් ඩවුනලෝඩ් කර ඇත.

    • 2012

      බජට් දුරකථන සේවා සපයන්නන් (SK, KT, LG අනුබද්ධ) සඳහා MVNO බිල්පත් විසඳුම සැපයීම සහ නඩත්තු කිරීම.

    • 2008

      Hi070 අන්තර්ජාල ඇමතුම් සේවාව දියත් කිරීම, Gasan-dong හි නව මූලස්ථානය ස්ථාපිත කිරීම.

    • 2003

      Development of VoIP billing solution for internet international calls, with ongoing supply and maintenance for major telecommunications companies.

    • 2000

      Telecentro Co., Ltd. පිහිටුවීම.

    අපගේ යුතුකම

    අපගේ සේවාවන් ඔබගේ අපේක්ෂාවන් සමඟ සමපාත වන බව සහතික කරමින් ඔබගේ අද්විතීය සංස්කෘතිය තේරුම් ගැනීමට අපි උත්සාහ කරන්නෙමු. අපගේ සාමාජිකයින්ට ඔවුන්ගේ සැබෑ සැලකිල්ල සහ කැපවීම තුළින් අපගේ මෙහෙවර ප්‍රකාශ කිරීමට ඉඩ සලසමින් යුතුකම සහ අරමුණ පිළිබඳ හැඟීමක් වැළඳ ගැනීමට අපි බල ගන්වන්නෙමු.

    • එක මොහොතක

      අපි විවිධ අත්දැකීම් සතුටින් බෙදාහදා ගනිමින් සහ ජීවිතය හැමවිටම ගෙන එන අත්දැකීම් සුන්දර යැයි අපි අපේක්ෂා කරමින් විවිධ සංස්කෘතීන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් සහිත සන්නිවේදන ක්‍රමයක් ලබා දීමට සෑම විටම උත්සහ කරන්නෙමු.

    • විශ්වාසය මත ගොඩනැගීම

      අපගේ විශ්වාසනීයත්වය ඔබට සෑමවිටම අප මත විශ්වාසය තැබිය හැකි බව සහතික කරයි. විවිධ භාෂා සහ සංස්කෘතීන් තුළ බැබළීමට හැකි අයුරින් අන්‍යෝන්‍ය සහයෝගය සහ දිරිගැන්වීම තුළින්, අපි එකිනෙකාගේ වටිනාකම් වලින් ශක්තියක් ලබා ගන්නෙමු.

    • අවශ්‍යතාවය අවබෝධ කර ගැනීම

      thePAY අප, අවශ්‍ය අවස්ථාවලදී එකිනෙකාට සහයෝගය ලබා දීමෙන් සහයෝගීතාවයේ වැදගත්කම තේරුම් ගනිමු. අපගේ කණ්ඩායම අපගේ ගනුදෙනුකරුවන්ට ඇහුම්කන් දීමට සහ ඔවුන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට සැදී පැහැදි සිටී.

    • වගකීම භාර ගැනීම

      thePAY අප, සහයෝගීතාවය සහ වගවීම මත ගොඩනගා ඇති විශ්වාසනීය සම්බන්ධතාවයක් පෝෂණය කරමු. ආයතනික පරිසර පද්ධතිය තුළ බලගතු වෙනස්කම් ගෙන ඒම ඉලක්ක කර ගනිමින් නව අදහස් සහ මුලපිරීම් අඛණ්ඩව ගවේෂණය කිරීමට අපි කැපවී සිටින්නෙමු. අපගේ ක්‍රියාවන්හි වැදගත්කම සහ ඒවායේ විභව බලපෑම හඳුනා ගනිමින් වගකීමේ හැඟීමකින් අපි මෙම උත්සාහයන් වෙත ප්‍රවේශ වන්නෙමු.

    brand image
    brand image