Google Play Card මිලදී ගන්නේ කෙසේද?
- thePAY
- Date 2023-12-08
- Hit 11151
Google Gift Card යනු Google Play Store හි Balance එක රීචාජ් කරගැනීම සඳහා භාවිතා කරන Prepaid කාඩ්පතකි. Google Play Store හරහා පොත්, සංගීතය, චිත්‍රපට, Apps සහ සඟරා දහස් ගණනක් මිලදී ගැනීමට මෙය භාවිතා කළ හැක.
thePAY හරහා Google Play Card මිලදී ගන්නා ආකාරය
1.thePAY ඇප් එක ඉන්ස්ටෝල් කර, එහි ඇති "ගූගල් කාඩ්" තෝරන්න.
2.මිලදී ගැනීමට අවශ්‍ය Google Play Card මුදල් ප්‍රමාණය තෝරන්න.
3.කාඩ්පත් අංකය ලබාගැනීමට අවශ්‍ය ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
4.මුදල් ගෙවූ පසු, ඔබගේ ඊමේල් ලිපිනය වෙත කාඩ්පත් අංකය සහ එය Redeem කිරීමට අදාළ ලින්ක් එකක් එවනු ලැබේ.
විශේෂ අවධානයට:
මෙය වලංගු වන්නේ කොරියානු Google Play Store (South Korea) සඳහා පමණි. කෝඩ් එක ඇතුළත් කිරීමට නොහැකි නම්, ඔබගේ Play Store ගිණුමේ 'Account and device preferences' හි 'Country and profiles' ලැයිස්තුව 'South Korea' ලෙස සකසා ඇත්දැයි පරීක්ෂා කරන්න.
ඔබ 해외 VPN (විදේශීය VPN) එකක් භාවිතා කරන්නේ නම් කෝඩ් එක ඇතුළත් නොවිය හැක. එබැවින් VPN හෝ WIFI ක්‍රියා විරහිත කර නැවත උත්සාහ කරන්න.
දැනටමත් භාවිතා කර ඇති හෝ වෙනත් ගිණුමකට ඇතුළත් කළ කෝඩ් එකක් අවලංගු කිරීමට හෝ මුදල් නැවත ලබා ගැනීමට නොහැක. එබැවින් කෝඩ් එක ඇතුළත් කිරීමට පෙර ඔබ නිවැරදි ගිණුමට ලොග් වී ඇත්දැයි තහවුරු කරගන්න.
Google Gift Code Redeem කරන ක්‍රමය
ඔබට ලැබුණු ලින්ක් එක ක්ලික් කිරීමෙන් ඉතා පහසුවෙන් කෝඩ් එක ඇතුළත් කරගත හැක.
ඉහත ක්‍රමයෙන් එය සිදු නොවන්නේ නම්, පහත පියවර අනුගමනය කරන්න:
1. මොබයිල් ඇප් හරහා ඇතුළත් කරන ආකාරය:Google Play ඇප් එක විවෘත කරන්න.
2.දකුණු පස ඉහළ කෙළවරේ ඇති ප්‍රොෆයිල් අයිකනය ක්ලික් කරන්න.
3.[Payments & subscriptions] තෝරන්න.
4.[Redeem code] ක්ලික් කරන්න.
5.ඔබට ලැබුණු ඉලක්කම් 16ක කේතය ඇතුළත් කර Register කරන්න.
ඇතුළත් කරන ආකාරය දැක්වෙන වීඩියෝ ලින්ක් එක: https://youtube.com/shorts/X6P15Ptt5DA?si=_kMcLIhEFY7afPwk"
